Powered by Blogger.

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ පළමු නැටුම (Sanath jayasuriya Dansing in India)

Tuesday, June 19, 2012

ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඒ අනුව එම තරඟයේ සනත්ගේ පළමු නර්තනය පසුගියදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනා.

හින්දි ගීතයක් අනුව ඔහුගේ නර්තන සහකාරිය වන සුචිත්‍රා සමග නර්තනයේ යෙදුනු සනත් හට නර්තන අවසානයේ විනිසුරු මඩුල්ලේ සිටි බොලිවුඩ් නිලි මධුරි ඩික්සිත් සිංහල බසින් "ගොඩක් හොඳයි" යනුවෙන් පැවසු අතර ඇය සනත්ගෙන් ඉල්ලීමක් කලේ තමා සමග එක්ව "සුරංගනී ට මාළු ගෙනාවා" ගීතය ගැයීමට එක්වන ලෙසය.


ඒ අනුව සනත් ර්තනයෙන් අනතුරුව මධුරි ඩික්සිත් සමග සුරංගනී ට මාළු ගෙනාවා ගීතය ගායනා කරන ලදී.සනත්ගේ පළමු නර්තනයෙන්ම ලකුණු 30 කින් 27 ක් හිමි කරගැනීමට සනත් සමත් වුනා.

නර්තනයට පෙර සනත් හා සුචිත්‍රා නර්තනය පුහුණු වීම් සිදු කරනු ලබා ආකාරයේ වීඩියෝ පටයක් විකාශය කල අතර එය පටිගතකොට තිබුනේ ලංකාවේයි.


ගොසිප්9 වෙත දැනගන්න ලැබෙනුයේ පසුගිය කාලයේ සනත් ජයසුරිය ඉන්දියාවෙන් පැමිණි සුචිත්‍රා ඇතුළු පිරිස හා බි.බි.සි. ආයතනයේ ලංකාවේ නිෂ්පාදකයෙකු වන නුවන් සමග රේණුක හෝටලයේ සතියක් නැවතී සිට ඇති බවයි.


සනත්ගේ පළමු නැටුම බලන්න
Watch Videos


සනත් මධුරි සමග "සුරංගනී ට මාළු ගෙනාවා" ගීතය ගයන අයුරු Watch Videos

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.