Powered by Blogger.

ඇමතිවරයා හා ජායාරූපය ගැන නයනා කුමාරි කතාකරයි(Nayana kumari talk about gossip news)

Wednesday, June 13, 2012

එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් අප පසුගියදා එක් ලිපියකින් ගෙන ආවා.

තවත් ලිපියකින් කියවුනේ එම නිලිය ඉහත කටයුත්ත කරගත් බවත්ය. එම ලිපියේ වූ එක්තරා රජයේ ඇමතිවරයෙක් සමඟ 
ඇය සිටින ජායාරූපය පිළිබඳවත්, එම ඇමතිවරයා සමඟ තිබෙන සම්බන්ධය පිළිබඳවත් ඇය අද ලක්බිම පුවත් පතට පවසා තිබෙන්නේ මෙලෙසින්

ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?

මේ වගේ විවිධ බලපෑම් මට කාලයක සිට ඇති වුණා. නමුත්, ඒ බලපෑම් ඉහළම තත්ත්වෙට ආවේ පසුගිය කාලයෙයි. ඔය බොරු ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා මම දන්නවා. ඒ වගේම යථා කාලයේ ඒ සම්බන්ධව සුදුසු පියවර ගන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි. ඔවුන් ඒකට, මගෙයි මගේ මහත්තයාගෙයි විශ්වාසය බිඳින්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් ඒ අයට ඒ දේ කරන්න බැහැ. කොහොමත් මේ සිද්ධියෙන් පස්සෙයිි මිනිස්සු කියන්නේ කවුද කියලා මම හරියටම දැන ගත්තේ.

ඔබ එම ඇමැතිවරයා සමග සිටින ඡායාරූප පවා එම වබේ අඩවිවල පළකොට තිබුණ නේද?

ඔව්. ඒවත් මේ වැඩපිළිවෙළේම කොටසක් තමයි. ඒවා ඔක්කොම අසත්‍ය ප්‍රචාර. හරියට ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා වගෙයි ඒ අය මේ කතාවත් නිර්මාණය කරලා තිබුණේ. ඒක කරපු අයම පසුව ඒ ගැන කනගාටුව පළකරලා තිබුණා. මම නම් ඔය වබේ අඩවි බලන්නේ නැහැ. මම ගැන මේ වගේ දෙයක් සඳහන් කරලා තියනවා කියලා ආරංචි ලැබුණාට පස්සෙයි මමත් ඒක දැක්කේ. කොහොමත් එක්තරා පිරිසක් තමයි ඔය වබේ අඩවි නරඹන්නේ, ඒවාට ප්‍රතිචාර දක්වන්නේ.

ඔබට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා හෙළි කරන්න ඔබ කැමතිද?

නැහැ. මම ඒ අය ගැන වචනයක්වත් කතාකරන්න කැමති නැහැ.

නයනා කුමාරි විසින් තම විස්තර පවසන වීඩියෝවක් පහලින්

 
-සම්බන්ධිත පුවත්-
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.