Powered by Blogger.

CSN නාලිකාව ජනපති පුතුන්ගේ - ශ්‍රී ලංකා ක්‍රිකට් ( CSN With Sri Lanka Cricket)

Wednesday, June 13, 2012

ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබාදෙන ලද CSN නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගන තිබෙනවා

එම ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශය ට පවසා ඇත්තේ ඉදිරි වසර තුන සඳහා එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් වුවද එම හේතුව නිසා නොවන බවයි.

මේ පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, සීඑස්එන් නාලිකාවට රුපියල් මිලියන 125 කට විකාශන අයිතිය විකිණීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයට රුපියල් මිලියන 3000 ක පමණ ආදායමක් අහිමි වී ඇති බවයි.

නමුත් එය ප්‍රතික්ෂේප කරන උපාලි ධර්මදාස සභාපති වරයා සඳහන් කරන්නේ, ඉදිරි වසර තුන ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජාත්‍යන්තර කණ්ඩායම් සීමිත ප්‍රමාණයක් බැවින් තමන්ට කිසිසේත්ම එවැනි ආදායමක් ලැබීමේ හැකියාවක් නොතිබුණු බවයි.

උපාලි ධර්මදාස බීබීසී සංදේශය සමග කල සංවාදය

ඔබ පවසන්නේ CSN නාලිකාව ක්‍රීඩා පමනක්ම විකාශණය වන නාලිකාවක් කියලා. නමුත් එම නාලිකාවේ කලා හා විනෝද වැඩසටහන් විකාශනය වෙනවා. ඒ නිසා එය ක්‍රීඩා සඳහාම වෙන්වුන නාලිකාවක් නෙවේ, ඒ නිසා එතනදීම කැබිනට් තීරණය උල්ලංඝනය වීමක් වෙලා නේද?

මම ඒ ගැන විශේශඥයෙක් නෙවේයි. මට ක්‍රිකට් ගැන කතා කරන්න පුළුන්, ඒ හැර පත්තර වල යන එව්වයි, වෙබ් අඩවි වල යන එව්වයි ගැන කතා කරන්න අවස්ථාවක් නෑ.

ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් පවසන්නේ CSN නාලිකාව රට පුරා හොඳින් විකාශනය වන නාලිකාවක් නෙවේ කියලා. ඒකෙන් ක්‍රීඩා ලෝලීන්ට අසාධාරනයක් සිදු වෙනවා නේද?

ඒ ගැන මට කවුරුවත් ලියුමකින් වත් දුරකථන ඇමතුමකින් වත් දන්වලා නැහැ. මම ලඟදී ගිහිල්ලා හිටියා හම්බන්තොටත් මට නම් තේරෙනෙන නැහැ ඔයගොල්ලන් මනින්නේ කොහොමද කියලා.

ඔබේ ආයතනයේ ලේකම්වරයා වන නිශාන්ත රනතුංග තමයි CSන් නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ. පැහැදිලිවම මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා.

නමුත් ක්‍රිකට් පනත යටතේ ඇමතු තුමාට අවසර දෙන්න පුළුවන් ඕනේම පුද්ගලයෙකුට ඒ පුටු භාරව ඉන්න.

අනෙක් බරපතල ප්‍රශ්නය තමයි ජනාධිපතිවරයාගේ පුත්‍රයින් CSN නාලිකාවේ ප්‍රධානීන් බව පැවසෙන නිසා මෙවර ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ CSN නාලිකව පමණක් නිසාත් එතනදී වංචාවක් සිදුවුන බව පෙනෙන්නට තිබෙනවා නේද?

අපි යම් කිසි දේකට ඉල්ලනකොට එක සමාගමක් පමණක් නම් ඉල්ලන්නේ අපි කියන්නද එක සමාගමක් විතරයි ඉල්ලල තියෙනෙන ඒ නිසා අල්ලලා දාලා ඉමු කියලා?

නමුත් ඔබට ඉල්ලන මුදල වැඩි කරන්න තිබුනනේ

ඒ ඉල්ලන කෙනාට කතා කරලා තමයි අපි මුදල වැඩි කරගන තියෙන්නේ.


Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.