Powered by Blogger.

IE 7 බ‍්‍රවුසරයට බද්දක් (World’s first tax on Microsoft’s IE 7)

Saturday, June 16, 2012

මයිකො‍්‍රසොෆ්ට් සමාගමට අයත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 7 බ‍්‍රවුසරය ඔස්සේ සිය වෙබ් අඩවියට පිවිස භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් ගෙන් අතිරේක මුදලක් අයකිරීමට ඕස්ටේ‍්‍රලියානු සමාගමක් තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු සමාගමක් වන කෝගන් ඩොට් කොම් නම් වෙබ් අඩවියයි.
ඉතා පැරණි බ‍්‍රවුසරයක් වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 7 ඔස්සේ සිය වෙබ් අඩවිය දිස් වීමට තමා දැරීමට සිදුව ඇති මුදල් හා කාලය හේතුවෙන් මෙම පියවර ගත් බව මෙම සමාගමේ ප‍්‍රධාන විධායක රුස්ලාන් කෝගන් පවසා ඇත.
මේ අනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 7 ඔස්සේ කෝගන් ඩොට් කොම් නම් වෙබ් අඩවියට පිවිසෙන පාරිභෝගිකයන් හට 6.8%ක වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවේ.
මෙය ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 7 බ‍්‍රවුසරය සඳහා ලොව පැනවූ පළමු ‘බද්ද’ ලෙස සැලකේ.

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.