Powered by Blogger.

ස්වාධින රූපවාහිනියට අපහාස කලාට ශ්‍රීලංකා මිරර් වෙතින් මිලියන 2000 ක් වන්දි ඉල්ලයි (Sri Lanka Mirror.com )

Sunday, June 17, 2012

ද්වේශ සහගතව අසත්‍යය පුවතක් පලකොට ස්වාධින රුපවාහිනියේ කිර්ති නාමයට හානි කල බව පවසමින් ස්වාධින රුපවාහිනිය විසින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එන්තරවාසි යවා ඇත.

පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී ස්වාධින රුපවාහිනිය එහි මාධ්‍යය ආවරණය ලක්‍ෂ 6ක් වැනි අඩුමුදලකට සිදුකොට තිබුනේ එම සම්මාන උළලේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න සඳහා සම්මානයක් වෙන් කර දීම හේතුවෙන් නිසා බව එම වෙබ් අඩවියේ පල කල ලිපියක් මගින් හෙළි කොට තිබුණි.

කිසිදු විමසීමකින් හෝ තහවුරු කිරීමකින් තොරව පල කල එම ලිපිය සම්පුර්ණයෙන් අසත්‍යය බව ස්වාධින රුපවාහිනියේ නීතිඥයන් මගින් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා වෙත දන්වා ඇත.

එම ලිපිය මගින් ස්වාධින රුපවාහිනී සේවයට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන දහසකුත් ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට සිදුවූ
අපහාසයට රුපියල් මිලියන දහසකුත් වන්දි ඉල්ලා මෙම එන්තරවාසිය යවා ඇත.

මෙම වන්දිය දින දාහතරක් ඇතුලත ගෙවිය යුතු බව දන්වා ඇති අතර එය ගෙවීමට අපහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමර්ග මගින් එය අය කරගැනීමට කටයුතු කරන බවට වැඩි දුරටත් දන්වා ඇත. BY GOSSIP9.COM
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.