Powered by Blogger.

ශ‍්‍රී ලංකා මිර(ර්) වෙබ් අඩවියේ කතෘවරයා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට Srilankamirror.com -Breaking News

Friday, June 29, 2012

ශ‍්‍රී ලංකා මිර(ර්) වෙබ් අඩවියේ කතෘ කැළුම් ශිවන්ත මහතා ඇතුළු 09 දෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගැනුණා. ඒ, එම වෙබ් අඩවියත් එක්ස් නිවුස් වෙබ් අඩවියත් පවත්වාගෙන ගිය ඇතුල්කෝට්ටේ පිහිටි ගොඩනැඟිල්ලේ කෙරුණු වැටලීමකදීයි. ගොඩනැඟිල්ලේ තිබූ පරිගණකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙනවා. පසුව ගොඩනැඟිල්ලට මුද්‍රා තැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
එක්ස් නිවුස් වෙබ් අඩවියේ කතෘවරයා වන රුවන් ෆර්නැන්ඩස් මහතාගේ නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. වැටලීම් සිදුකෙරුණේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කෙරුණු සෝදිසි වරෙන්තුවක් අනුවයි. උක්ත වෙබ් අඩවි විසින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ප‍්‍රවෘත්ති දිගින් දිගටම පළකරන බවට පොලීසිය කළ දැනුම් දීමක් සැළකිල්ලට ගෙන එම සෝදිසි වරෙන්තුව නිකුත් කෙරුණා.
කෙසේවෙතත්
ශ‍්‍රී ලංකා මිර(ර්) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියක්. එහෙත්, එක්ස් නිවුස් වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී නැහැ.
මේ අතර දහවල් කෙරුණු වැටලීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමට නෙත් නිවුස් කිහිපයක් අවස්ථා කිහිපයකදී අදාළ බළධාරීන්ගෙන් විමසීමක් කළා. එහෙත්, නිළ ප‍්‍රතිචාරයක් ලබා ගැනීමට මෙතෙක් හැකි වූයේ නැහැ


වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...LkHot.com Breaking News




Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.