Powered by Blogger.

දිනුෂා විවාහ වීමට යන ධම්මික කවුද?(Swarnavahini's Dinusha's Wedding)

Monday, May 14, 2012

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත පුවත මීට පෙර අප ඔබට ගෙන ආවා.


අවුරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමඟ බවත් විවාහ යෝජනාව ගෙන ආවේ සොයුරියගේ සැමියා බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙලෙසින්

"සොයුරියගේ සැමියා ගෙනාපු ධම්මික පිළිබඳ යෝජනාවට මං ඉතසිතින් කැමති වුණා. ඒ හඳුනාගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගතවෙලා. ධම්මික බොහොම සාමාන්‍ය සරල කෙනෙක්. මම හිතන්නේ මට සුදුසුම කෙනා හමුවුණා කියලා...

ඔහු මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම නිවේදිකාවක් විදියට කරන වැඩසටහන් ඔහු නරඹනවා. ඒ වගේම මගේ අතින් සිදුවන වැරදි වගේම අඩුපාඩුත් නිවේදිකාවක් විදිහට වෙනස් කරගතයුතු බොහෝ දේ පිළිබඳවත් ඔහු මා දැනුවත් කරනවා"

නමුත් අප වෙත එය වාර්තා වන්නේ වෙනත් ආකාරයකටය. ධම්මික යනු එංගලන්තයේ ලේට්ච්වෙර්ත් විහාරයේ හිටපු විහාරාධිපති හාමුදුරුවෝය. නහල්ලේ රාහුල නමින් වයස අවුරුදු 10දී මහණවී එතැන් වසර කීපයකට පසුව එංගලන්තයට ගොස් 2000 සිට 2011 දක්වා වසර 12ක් ලේට්ච්වෙර්ත් පන්සලේ ඔහු නහල්ලේ රාහුල නමින් වැඩ විසීය.

ලේට්ච්වෙර් විහාරය හොඳින් කරගන යන කාලයේ උන්වහන්සේ දිනුෂාව හදුනාගෙන ඇත්තේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් තුලිනි. පසුව උන්වහන්සේ මෙයට අවුරුද්දකුත් මාස ගණනකට පෙර සිවුරු හැර ඇත. ඇයම කියනා පරිදි ඔවුන්ගේ පෙම් සබඳතාවයට වසර දෙකකි.

සිවුරු හැරීමට පෙර එංගලන්තයේ ලේට්ච්වෙර්ත් විහාරයේ හිටපු විහාරාධිපති නහල්ලේ රාහුල හිමිගේ හා සිවුර හැරීමෙන් පසු ධම්මිකගේ ජායාරූප කිහිපයක් පහත දැක්වේ.By Gossip9

නහල්ලේ රාහුල හිමි

සිවුරු හැරීමෙන් පසු ධම්මික.

 
-සම්බන්ධිත පුවත්-

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.