Powered by Blogger.

අධ්‍යක්‍ෂකගේ ලේ ගත්ත ‘ස්නෝ වයිට්(Snowy White and the huntsman)

Monday, May 21, 2012

ඉදිරියේදී තිරගත වීමට නියමිත ’ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්’ නම් චිත‍්‍රපටිය ලේ දහඩිය කඳුළු මහන්සියෙන් තැනූ නිර්මාණයක් ලෙස පැවසුවොත් එය හුදෙක් වාක්‍යාංශයක් ම පමණක් නොවේ.
මෙම නිර්මාණය සඳහා අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ රූපට් සැන්ඩර්ස් ගේ රුධිරයද මෙයට යොදාගැනීම මීට හේතුවයි.
ස්නෝ වයිට් ගේ මවගේ ඇගිල්ලක ඉඳිකට්ටක් ඇනීමෙන් අනතුරුව ඉන් ගලන රුධිර බිංදු හිම මත වැටෙන දර්ශනයක් සඳහා මෙම රුධිරය භාවිතා කර ඇත.
වෙනත් සිනමා නිර්මාණ මෙන් ප‍්‍රථමවෙන් මෙහිදී කෘතීම රුධිරය භාවිතා කළ තිබුණද එය කැමරා කාචයෙන් බලන විට රාස්බෙරි ජෑම් ලෙස දිස්වූ බැවින් එය තාත්වික මදි යැයි සැන්ඩර්ස් පවසා ඇත.
ඉන්පසුව විකල්පයක් ලෙස සැන්ඩර්ස් තමාගේම රුධිර සාම්පලයක් ගෙන එය භාවිතා කරන මෙන් පවසා ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
දර්ශන තලයේ ආලෝක ධාරා හමුවේ රුධිරය ඉක්මනින් වියලෙන බැවින් එය රූගත කිරීම අභියෝගයක් වූ බව සැන්ඩර්ස් පවසයි.
කෙසේ වෙතත්, අවසානයේදී මෙම දර්ශනය තාත්වික ලෙස රූගතකිරීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
කි‍්‍රස්ටන් ස්ටුවර්ට්, කි‍්‍රස් හෙම්ස්වර්ත් හා චාලීස් තේරොන් රගන ’ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්’ මෙම මස 30 දා සිට බි‍්‍රතාන්‍ය සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.