Powered by Blogger.

ඇමැති මර්වින් සිල්වා සමඟ (Chat With Marvin Silva)

Saturday, May 19, 2012

  • ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.
  • රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
  • මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා

මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි


තව දුරටත් අදහස් දවන අමාත්‍යයවරයා පවසන්නේ රටේ එළවළු, වී විකුණා ගැනීමට බැරි තත්ත්වයක් තිබෙන්නේ රට සංවර්ධනය වී ඒවාගේ අතිරික්තයක් තිබෙනා නිසා බවයි.


රටේ සංවර්ධනයක් වෙනවා කියලා ඔබට හිතෙනවා ද?

රටේ සංවර්ධනයක් වෙන්නේ නෑ කියන්නේ කවුද? දැන් බලන්න එක පැත්තකින් රටේ දැන් එළවළු අතිරික්තයක් ඇති වෙලා. රටේ වී විකුණා ගන්ඩ බැරිව වී අතිරික්තයක් තිබෙනවා. ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනයක් තියෙනවා ද නැද්ද කියලා.

ඊළඟට ලංකාවේ පළමුවරට බඩ ඉරිඟු ටොන් දස දහසක් පිටරට යවන්න පටන් ගත්තා. කවුරුහරි කියනවානම් රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ කියලා ඔහුව සොයා ගෙන ගිහින් මොලේ පරීක්ෂා කරවන්ඩ ඕනේ. මොකද එහෙම නොවුණොත් මේ රට පිස්සන් කොටුවක් බවට පත් වෙනවා. මොකද නැත්නම් ඒක බෝවෙන රෝගයක් වෙනවා.

ඔබට හිතෙන්නේ නැද්ද මාධ්‍ය ඔබ විහිළුකාරයෙක් කරගෙන කියලා?

මුක පරම්පරාව විසින් රජ ගෙදර හිටපු අන්දරේ විහිළුකාරයෙක් කළානේ. හැබැයි අන්දරේ කියන්නේ මහා ප්‍රවීණ ප්‍රඥාවන්තයෙක්. ඕනේ කෙනකුට සල්ලාලයා හොරා කියන්ඩ පුළුවන්. මට හොරෙක් සල්ලාලයෙක් නැත්නම් පගා කාරයෙක් නොකියා මං විහිළුකාරයෙක් කියලා මාධ්‍ය කියනවානම් මට ඒක කමක් නැහැ. මිනිස්සු ඒකෙන් සන්තෝෂ වෙනවානම් මං ඒකට සන්තෝෂයි. මට ඒකට බාධාවක් නෑ.

මිනිස්සු මගේ කථාවකින් සන්තෝෂ වෙනවානම්, දේශපාලනඥයෝ දැක්කාම මිනිස්සු බය වෙන්නේ නැතිනම්, දේශපාලනඥයකු කියන කථාවලට මිනිස්සු හිනා වෙනවානම් ඒ අයගේ ලේ පිරිසිදු වෙනවානේ. ඒක මට ලොකු පිනක් නේද? රඟපාන්නේ නැතිව වචනයකින් මිනිස්සු හිනස්සවන්න පුළුවන්නම් ඒක දක්ෂකමක් නේද?\
news by gossip9
 
-සම්බන්ධිත පුවත්-    
 
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.