‘සිරිදළදා ගමනය’ චිත්‍රපටයේ දන්ත කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතයෙන් ඉවත්කර ඇතැයි අප වෙත වාර්තා වේ.
මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.
එහිමියෝ පෙන්වාදී ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර් ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට දන්ත කුමරියගේ චරිතයදීම බෞද්ධ ආගමට අගෞරවයක් බවයි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.
කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත්‍රපටයට අවශ්‍ය ප්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත්රයේ හාස්‍යට ලක් විය.
එසේම මේවන විට මෙම සිනමාපටයට එක්වන බවට පූර්ව ප්‍රචාර ලබාදුන් බොහෝ ශිල්පීන්ද මින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.
by srilankaiorror
by srilankaiorror
0 comments:
Post a Comment