පූගොඩ, කුමාරිමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ගලා යන කැලණි ගඟේ පතුලෙන් රන්
කැබලි හමුවීමත් සමඟ ජනතාව කැළණි ගඟේ රන් සෙවීමට පටන්ගන තිබෙනවා.
වැලි ගොඩ දමන පුද්ගලයන් කිහිප දෙනෙකුට පවුම් කාල සහ ඊට අඩු බරින් යුතු රන්
පතුරු කැබලි හමුවීමත් සමග ඊයේ වනවිට දිනකට දහසකට අධික පිරිසක් පැමිණ කැලණි
ගඟේ රන් පතුරු සෙවීමේ යෙදී සිටි බවයි වාර්තා වුනේ.
ඔවුන් පැවසුවේ කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට රුපියල්
දාහක දෙදාහක රන් සොයාගැනීමට හැකි බවත්ය. ඒ සමඟම ප්‍රරදේශයේ රත්‍රං වෙළෙඳුන්
එතැනට පැමිණ ඒවා මිලදී ගැනීමට කටයුතු කර තිබුණා.
කුඩා වනරොදක් මැදින් යාමෙන් පසුව හමුවන මෙම තොටුපලේ කාන්තාවන් ගඟ ඉවුරේ සිට
රන් සෙවූ අතර පිරිමින් එම කාර්යයේ නියැලුනේ ගඟ මැදට ගොසිනි.
දින කීපයකට පෙර ඔවුන් පැවසුවේ දැනට සතියකට පමණ පෙර සිට රන් හමුවන බවත්,
ප්‍රසිද්ධියකින් තොරව රන් සෙවීමට පෙළඹුනේ කතරගම මැණික් පතලට සිදුවූ
අයුරින්ම ජනතාවට එහි ඵල නෙලාගැනීමට නොහැකිවන නිසා බවත්ය.
ඔවුන් සිතූ ආකාරයෙන්ම අද වනවිට එම ස්ථානයේ රත්‍රන් සෙවීම තහනම් කර තිබෙනවා.
රත්‍රන් වෙන්කරගැනීමට ඇතැම් පිරිස් රසදිය යොදාගන්නා බවත්, ඒවා පරිසරයට
එකතුවීමෙන් හානියක් වන නිසා රත්‍රන් සෙවීම තහනම් කළ බවත් භූ විද්‍යා හා
පතල් කාර්යාංශය පවසනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම ස්ථානයේ රත්‍රන්
සාන්ද්‍රණය අධික බවයි. මෙම ස්ථානයේ මැණික් ගැරීමක් සිදු නොවන නිසා මෙය
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් නොවන බවත්, භූ විද්‍යා හා පතල් කැනීම්
කාර්යාංශය යටතේ පවතින බවත්ය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment