තමා ‘සිරිදළදා ගමනය’ චිත්රපටයෙන් ඉවත්කර නැතැයි 2011 ශී්ර ලංකා රූ
රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා මෙනවිය
කියයි.
‘ශී්ර ලංකා මිරර්’ වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඇය මේ බව කියා සිටියේය.
එසේම එහි අධ්යක්ෂවරයා හෝ නිෂ්පාදකවරුන් ද තමා ඉවත් කළ බවක් මෙතෙක් දන්වා නැතැයිද ඇය පැවසුවාය.
මේ අතර, එම චිත්රපටයේ විධායක නිෂ්පාදක නිහාල් සංජය මහතාද දුරකථන
ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ, පුෂ්පිකා ‘සිරිදළදා ගමනය’ චිත්රපටයේ
රඟපෑම සම්බන්ධයෙන් විරෝධතාවක් මතුව ඇති බවත් මේවන විට එය සාකච්ඡා මට්ටමින්
විසඳා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.
කෙසේවුද එය විසඳ ගත නොහැකි තත්ත්වයක් මතුවුවහොත් වෙනත් විකල්ප කි්රයාමාර්ගයකට යාමට සිදු වන බවද ඔහු අවධාරණය කර සිටියේය.
By Srilankamirror
ශී්ර ලංකා මිරර් කර්තෘ සටහන :
කෙසේවුවද මෙම චිත්රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක්
වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත පුෂ්පිකා ‘හේමාලා කුමරියගේ’
චරිතයෙන් ඉවත් කිරීමට තීරය කර ඇති බවවාර්තා වේ
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment