අයි පි එල් ඩෙකෑන් චාර්ජස් පිලේ නායකත්වය හොබවන කුමාර් සංගක්කාර සිය
කණ්ඩායමේ නායකත්වය කැමැත්තෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් වයිට් වෙත
පවරා ඇත .පිතිකරුවෙකු ලෙසත් නායකයා ලෙසත් අසාර්ථක වීම සංගාට මෙම තීරණය
ගැනීමට හේතු වූ ආසන්නම සිදු වීම ලෙස ඉන්දීය මාධ්‍ය හුවා දක්වයි.
තරග 5 ක් තුල ලකුණු 83 ක් පමණක් ලැබූ සංගා ,පුහුණුකරු ඩරන් ලීමන් සමග
කැමරන් වයිට් ව දැඩි ප්‍රශංසාවට ලක් කරමින් කරනු ලැබූ වෙනස් කම ගැන කතාබහ
කර ඇත.
කෙසේවෙතත් ඩෙකෑන් චාර්ජස් පිල සහභාගී වූ තරඟ 8 න් 6 ක්ම පරාජය වී
ලකුණු සටහනේ අවසන් ස්ථානය ගෙන ඇති අතර කල්කටා නයිට් රයිඩර්ස් පිල සමග තරගයට
වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර එකම ජයග්‍රහණය වුයේ පුනේ වොරියස් පිලට එරෙහිව
වීමද කැපී පෙනේ.
0 comments:
Post a Comment