Powered by Blogger.
Showing posts with label මර්වින් කැළණියෙන් එළවන්නැයි ජනතාව පොල් ගසයි(People wont Mavin leaved Kalaniya). Show all posts
Showing posts with label මර්වින් කැළණියෙන් එළවන්නැයි ජනතාව පොල් ගසයි(People wont Mavin leaved Kalaniya). Show all posts
Thursday, May 17, 2012

මර්වින් කැළණියෙන් එළවන්නැයි ජනතාව පොල් ගසයි(People wont Mavin leaved Kalaniya)

තමාගෙන් පසු තම පුතා කැළණියේ රජකරවන බවට පුරසාරම් කියවන මර්වින් සිල්වා ඇමති වරයාව කැළණියේ ජනතාවට එපා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව කැළණියෙන් එලවා දමා දේශපාලන අකටයුතුකම් වලින් පීඩා විදින ජනතාවට යහපත් දේශපාලන නායකත්වයක් ලබා දෙන ලෙස යදිමින් කැළණියේ ජනතාව විසින් විභීෂණ දේවාලයේ දී පොල් ගසා කන්නලව් කල බවයි වාර්තා වන්නේ.

බුදුරජාණන් වහන්සේගී පාද ස්පර්ශය ලැබීමට තරම් පින් බිමක් වූ කැළණි පුරය මේ වන විට දූෂණයෙන්, වංචාවෙන්, මත් කුඩු වලින් පිරී ඇති බවයි ඔවුන් පවසන්නේ.


මෙලෙස සිදුවන අකටයුතුකම් ගැන කියන්නට කිසිවෙකුත් නැති බවත් අවසන් වශයෙන් කියන්නට සිටින්නේ දෙවියන් පමණක් බවත් පවසමින් එම ජනතාව කැළණියට අධිපති යැයි සැලකෙන විභීෂණ දෙවියන් ඉදිරියේ කන්නලවු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පෂය කැළණිය කාන්තා බල මණ්ඩලයේ ලේකම් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශාන්ති කුමුදිනී එහිදී අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසයි.

"මෙවන් අවාසනාවන්ත කාලයක් කැළණියේ දේශපාලනයට උදා වූ කාලයක් මා දැක නැහැ. මෙය කැළණි පුරයේ කාන්තාවන්ට ඉතාමත් දුක්මුසු කාලයක්. දැනටමත් ප්‍රාදේශීය සභාපති ඇතුළු විශාල සමාජ මෙහෙවරක් කරන ප්‍රදේශීය සභා මන්ත්‍රී වරුන්ට මැර තර්ජන එල්ල කරලා.

කැළණිය දූෂිතයන්ගේ පුරයක් බවට පත් කරලා. කැළණියේ ඉරණම අපි විභීෂණ දෙවියන්ට බාර කරනවා. දූෂිත දේශපාලනය කැළණියෙන් ඉවත් කර විභීෂණ දෙවියන්ගේ දේව මහිමයෙන් දැහැමි නායකයකු ලබා දෙන ලෙස යදිනවා. ඒ විස්වාශය හිතේ තියාගෙන තමඉ මේ පොල් ගැසීම සිදු කලේ."

මෙම අවස්තාවට කැළණිය ප්‍රාදේශීය ස්භා සභාපති ප්‍රසන්න රණවීර, උප සභාපති දුමින්ද පෙරෙර, චතුර ඪනුෂ්ක, ලංකා විජිත කුමාර, හසිත මඩවල, ඕෂාන් නන්දසිරි, ඉන්දික සම්පත්, මෙල්‍රෝයි පෙරෙර, එච් ඩී සෝමවර්ධන යන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුද සහභාගි වී තිබෙනවා.


 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.