Powered by Blogger.
Showing posts with label ජැකලින්. Show all posts
Showing posts with label ජැකලින්. Show all posts
Wednesday, May 23, 2012

ජැකලින්, සජිඩ් එක්ක වලියක්(jacqueline fernandez Fight With Shajeed)

ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය සතියේදී සිය පෙම්වතා වන සජිඩ් ඛාන් හා දැඩි අමනාපයෙන් පසුව ඇතැයි වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට 1983දී තිරගත වූ හිම්මත්වාලා චිත‍්‍රපටියේ නව චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කිරීම සඳහා නිෂ්පාදක වාෂු භාග්නානි තෝරගෙන ඇත්තේ සජිඞ් ඛාන් ය.
කෙසේ වෙතත්, මෙම චිත‍්‍රපටියේ ප‍්‍රධාන නිළියගේ චරිතයට සිය පෙම්වතිය වන ජැකලින් ව සජිඞ් යෝජනා කර ඇති නමුත්, එය භාග්නානි විසින් තරයේ ම ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව දැනගත් ජැකලින්, තමාට මෙම චරිතය ලබාගැනීමට සජිඩ් ගෙන් ප‍්‍රමාණවත් සහයක් නොලැබුනු බව පවසමින් ඔහු‍ට දොස් පවරා ඇති බවද පැවසේ.
ජිතේන්ද්‍ර හා ශ‍්‍රී දේවි ගේ රංගනයෙන් නිමවූ පැරණි හිම්මත්වාලා චිත‍්‍රපටියේ නව නිෂ්පාදනයේ ප‍්‍රධාන නළුවා ලෙස අජේ දේව්ගන් නම් කර ඇති නමුත් ප‍්‍රධාන නිළියක් තවමත් නම් කර නැත.
කෙසේවෙතත්, මෙම චරිතයට බොලිවුඩ් හා කොලිවුඩ් නිළියන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.