Powered by Blogger.
Showing posts with label ඔලිම්පික් අයිතිය මහාරාජා ලබාගනී(Magaraja Get Olympic Telecasting in sri lanka.Rupavahini and CSN was fail). Show all posts
Showing posts with label ඔලිම්පික් අයිතිය මහාරාජා ලබාගනී(Magaraja Get Olympic Telecasting in sri lanka.Rupavahini and CSN was fail). Show all posts
Thursday, May 10, 2012

CSN, ජාතික රූපවාහිණිය පරදා ඔලිම්පික් අයිතිය මහාරාජා ලබාගනී(Magaraja Get Olympic Telecasting in sri lanka.Rupavahini and CSN was fail.)

එළඹෙන ජූලි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2012 ඔලිම්පික් තරඟාවලිය ලංකාව තුල විකාශණය කිරීමේ නිල අයිතිය ලබාගන තිබුනේ ජාතික රූපවාහිනියයි. ලංකාවට රූපවාහිනිය ලැබුන දා පටන් මෙතෙක් කල් ඔලිම්පික් තරඟ විකාශණය කළේද ජාතික රූපවාහිනියයි.

එම අයිතිය ලබාගැනීමට CSN නාලිකාවද උත්සාහ කළා. රුපවාහිණිය මුදල් ගෙවා ලබාගත් ඔලිම්පික් තරග විකාශන අයිතිය CSN නාලිකාවට නොමිලේ විකාශනය කිරීමට සහ සම අයිතිය ලබාදෙන ලෙස CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග, රුපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක වෙත ලිඛිතව දැනුම්දී තිබුණා.
නමුත් ඔවුන් සියල්ලම පරදවා ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙරටදී සජීවීව විකාශය කිරීමේ නිල අයිතිය MTV සහ MBC ආයතන ලබාගන තිබෙනවා. මේ සඳහා ඔවුන් විසින් වැඩි මුදලක් ගෙවා තිබෙ බවයි වාර්තා වෙන්නේ.

ඔලිම්පික් විකාශන අයිතිය ඔවුන් හට ලැබීමත් සමග නව තේමාවත් යටතේ එහි පුර්ව ප්‍රචාරක පටය ඊයේ දිනයේ දි විකාශනය කරන ලදි. එය චැම්පියන් නෙට්වර්ක්ස් යනුවෙන් නම් කර තිබු අතර MTV සහ MBC නාලිකා 7 ම ඔලිම්පික් උළෙලේ තරග අවස්ථා සජීවීව ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.


Magaraja Get Olympic Telecasting in sri lanka.Rupavahini and CSN was fail.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.