Powered by Blogger.

මහනුවර අස්ගිරි මහා පිරිවෙණ වසා දැමේ

Monday, June 11, 2012

මහනුවර – අස්ගිරි මහා විහාරයේ මහා පිරිවෙන දින නියමයක් නොමැතිව වසා දමා ඇත. අස්ගිරි මහා පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ,  එම  පිරිවෙනේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 දෙනෙකුට පමණ ඩෙංගු රෝගය වැළඳී ඇති බවත්, ඒ  හේතුවෙන්  අනෙකුත් ස්වාමින් වහන්සේලාට ද පැතිරයාම වළක්වා ගැනීම සඳහා පිරිවෙන වසා දැමීමට කටයුතු කළ බවත්ය .
දැනට එම  පිරිවෙනේ ස්වාමින් වහන්සේලා 350 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන හදාරනු ලබන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.