කොටුව දුම්රිය ස්ථානයේ 06 වැනි වේදිකාවේ දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් ඇත.
පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අඹගස්වත්ත, පේරලන්ද, රාගම පදිංචි 67 හැවිරිදි නුන්ගමුව විතානගේ දොන් මයිකල් නැමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය සිදුකරයි.
0 comments:
Post a Comment